හරි මෙතන නම කිව්වෙ නැහැනෙ "සැන්ඩ්විච් ෆැක්ටරි" තමයි මෙතන නම ගම කාරිය.විජේරාම පාර කෙලින් ම ඇවිත් වොර්ඩ් පෙදස මාර්ගෙට වැටෙන පාරෙ පාර ඉවර වෙන හරියෙම වගේ.වොර්ඩ් පෙදෙස පැත්තෙන් බැලුවොත් බෞද්ධාලෝක පාරට වැටෙන පැත්තට 100-150m යද්දි වම් අත පැත්තට වෙන්න තියෙන්නෙ. එහෙමත් නැත්තම් රොස්මන්ඩ් පෙදෙස විජේරාම පාරට වැටෙන තැන ඉදන් වොර්ඩ් පෙදෙස පැත්තට යද්දි මහා දුරක් නැහැ දකුණත පැත්තට වෙන්න තියෙන්නෙ.ඔය රොස්මන්ඩ් පෙදෙස.. බාන්ස් පෙදෙස(බාම්ස් කියලත් කියනව.. අපි කියන්නෙ බාන්ස් කියල හොදෙ) පැත්තෙ කරක් ගහනව නම්මෙතන ඇහැට අහු නොවී තියෙන්න බැහැ.අපේ අයියල මල්ලිල එහෙම දවල් එක දෙක වෙද්දි ඔය පැත්තෙ එහෙම ගිහිල්ල ඇති නෙව.අපි නම් ඉස්කෝලෙ යන කාලෙ ගියා.අන්තිමට දන්න අදුනන අය වෙනුවෙනුත් ගියා....
![]() |
තියෙන්නෙ මෙතන |
ඒක පැත්තකින් තියල තැන ගැන කියල ඉමුකො. සැන්ඩ්විච් කිව්වට මෙතන සැන්ඩ්විච් විතරම නෙමෙයි තියෙන්නෙ,මේකත් එක්තරා විදිහක බර්ගර් ශොප් එකක්.. එව තමයි වැඩියෙන් තියෙන්නෙ.. ගොඩක් කෑම ජාති තියෙනව තෝර ගන්න.. බිරියානි,බර්ගර්,සබ්මැරීන්,හොට් ඩොග්ස්,පැස්ටා වගේ දේවල් තියෙනව..
සැන්ඩ්විච් ෆැක්ටරි එකේ තියෙන වැදගත් දේ තමයි Hot Serve විදිහට තමා කෑම පිලිගන්වන්නෙ..
ඒ කියන්නෙ අපි ඇනවුම් කලාම තමයි ඒ කෑම එක හදන්නෙදැන් නම් ගොඩක් තැන් වල එහෙමයි,එහෙම කද්දි තමා රහ තියෙන්නෙ,චුට්ටක් විතර වෙලා යනවා තමයි ඒත් උනු උනුවේම කර කර ගාලා.. හායි හූයි ගගා කන්න පුලුවන්(මායි උවියයි පොටෑටො වෙජස් එක්ක චිකන් රෝල් කෑවෙ එහෙමයි),ඒකම මදැයි..
ඉතින් මේ පැත්තෙන් යමින් ගමන වෙලාවක තැනට ගොඩ බැහැලම බලන්න.. අපි නම් කියනවා ඒත් කොහොමද කියල කවුද දන්නෙ නෙ? ඒකනෙ... ඔලුව දාලම බලන්න,හැබැයි අතේ මිටේ කාසි පනම් වැඩියෙන් තියෙන වෙලාවක යන්න කියල තමයි දන්න කියන මහත්තුරු රෙකමන්ඩ් කොරන්නෙ ඔන්න.. ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනෙ මේ වගේ තැනක් නිතර දෙවේලෙ වඳිනව කියන්නෙ.. ආර්ථිකේ සරු වෙන්න ඕනෙ...හැබැයි පාඩු නැහැ... ඒකත් අපි වගකීමෙන් කියන්නෙ.. කනවට වඩා කවන්න මරු තැන..
![]() |
මේ තියෙන්නෙ පෝස්ට් එක දාන්න කියල ගියපු දවසෙ කාපුවා.. |
බොරැල්ලෙත් තියෙනවා තව තැන් ටිකක් ඒවටත් හිමිහිට ගිහිල්ල පෝස්ට් එකක් ලියන්නම්කො..
සැරිසැරියත් එක්ක ඉන්න...
ජීවිතේ විදින්න තියෙන දේවල් අපිට පුලුවන් තරමින් අපි අරන් එන්නම්...
එහෙනම් අදට සැරිසැරිය මෙතනින් ගිමන් නිවාගන්න වගයි..