
තේ බොන එක ලංකාවේ අයට අලුත් දෙයක් නෙමෙයි, ඒ උනාට තේ බොන්න කියල විතරක්ම හදපු තැන් ලංකාවේ වැඩිය නැ. කොහොම හරි අලුතෙන් වැඩේ පටන් අරන්,සම්ප්‍රදායික තේ එකට ආයුබෝවන් කියලා අලුත් ආරක වැඩක් තමයි.කලාවට වැඩේ.. හැබැයි මේ තැන ගොඩක්ම ප්‍රසිද්ද විදේශ සංචාරකයන්ට තමා, ඒ උනාට ලංකාවේ ඕන කෙනෙක්ට මේ තැනට යන්න පුළුවන් මොකද මේකේ අරමුණත් ලංකාවේ අයට හොදම තේ රස බලන්න දෙන එක තමා, මොකද අපේ රටේ තේ හැදුවට අපි බොන්නේ රොඩ්ඩ නේ , හොද ටික පිට රට යවනවනේ.ඔන්න අපේ අයට හොදම තේ රස බලන්න පුළුවන්.
ඔන්න ඉතින් පහුගිය දවසක ඩිව් ගේ ජංගම දුරකථනය නාද වෙනවා
-:හෙලෝ උවියා කියන්න.
-: මචන් අලුත් තැනක් තියනවා යමුද ?
-: අනිවා එකෙන්ම,කොහෙද ?
-: අලුත් ටී ෂොප් එකක් දාලා තේ බොන්න විතරක්ම හදපු තැනක් ටිකක් වෙනස්,යමුද? මම උදේම කැම්පස් එකට ඔලුව දාලා පනින්නම් උබත් මොකක් හරි කරලා වරෙන්..
-: හරි උවි අනිවා මම එනව..
ඔන්න ඉතින් දවල් වෙනකොට අපි දෙන්න ඒකට සෙට් වෙලා ඉවරයි , අහ් කලින් කියන්න බැරිඋනානේ එකේ නම , " ද ටී කප් " (the tea cup) තමා එකේ නම, ඔන්න එක තියෙන්නේ ඩුප්ලිකේෂන් රෝඩ් එකේ අංක 339 කියන තැන, ඔය බ්‍රිතාන්‍ය කවුන්සිලය ට ලග පාත.. එතකොට මහානාම ඉස්කොලෙටත් ලගයි.
![]() |
මේ තමයි තියෙන තැන |
ඔන්න ඉතින් එතන තියෙන්නේ තේ වලින් වැඩ දාපු තේ. උණුවෙන් ඕනිනම් උණුවෙන් තේ තියනවා සීතලට ඕනිනම් අයිස් ටී තියනවා, තේ වර්ග 52ක් තියෙනවා කියල තමයි අපිට කිව්වෙ.ලංකාවේ අපේ අය බීල නැති තේ වර්ග ගොඩක් මේකේ තියනවා ඒ කිව්වේ ලෙමන්,පීච්,බ්ලැක් කරන්ට්,ඇපල්,නෙල්ලි,රම්.........වගේ නා නා ප්‍රකාර විදිහේ තේ ඒ වගේම සැන්ඩ්විච් වර්ගත් එහෙම තියෙනවා.
![]() |
විසාල මෙනු එක |
ඒ විතරක් නෙමෙයි විවිධ විදියට හදපු තේ වර්ගත් තියනවා මිල්ක් ෂේක්,ටී ෂේක්, වගේ දේවල්.. කවුද දන්නේ තේ වලින් මෙහෙම වැඩ දාන්න පුළුවන් කියල , ඔන්න ඉතින් ඔ ගොලොත් කැමතිනම් එතනට ගිහිල්ල බලන්න. ඕගොල්ලන්ට එළිමහනේ ලොකු කුඩයක් යටට වෙලා තේ බොන්නත් පුළුවන්..
එහෙම බෑ බෑ වගේ,කවුරු හරි දැක්කොත්!!! අනේ..... කියල හිතෙන අයට ඇතුලට වෙලා තේ බොන්න පුළුවන් පහසුකම් තියනවා.
ඒ විතරක් නෙමේ මේකේ තේ ගැන හැම විස්තරයක්ම බලා ගන්නත් පුළුවන් වෙන විදිහට තමා තියෙන්නේ. කස්ටමර් සර්විස් එක නම් උපරිමයි.. සංග්‍රහ කිරීමෙ ඉඳල ඕනෑම දෙයක්.. තේ වර්ග ගැන.. තේ එකක් කොහොමද හරියාකාරව හදාගන්නෙ (අපි දන්නෙ උණු වතුරට තේ කොල දාල හිත පිරෙනකන් රත් කරල තේ බොන්න නෙ.. ඒක නෙමෙයි රසම විදිහ ඔන්න..) වගේ දේවලුත් දැනගන්න පුලුවන්.. ඔගොල්ලටත් විවේකයක් ලැබුන වෙලාවක මෙතනට
යන්න පුළුවන්. ගිහින් බලන්න...
අත්දැකීම අලුත් එකක් වෙයි..
![]() |
එලියෙ නම් එලියෙ.. |
![]() |
ඇතුලෙ නම් ඇතුලෙ.. |
![]() |
ඇපල් සහ පීච් ටී |
ගියාට පාඩු නෑ. ගිහින් ඇවිත් කොමෙන්ටුවක් එහෙම දාලත් යන්න... ඔබේ අදහස් තමා අපිට වටින්නෙම...
No comments:
Post a Comment