Nov 12, 2011

අපේ පටන් ගැන්ම..

       

පටන් ගන්න ඕනෙ කිය කිය හිටියට මොකද පටන් ගන්න විදිහක් හිතන්න ගියා සෑහෙන කාලයක්..
හරි.ඔය ඔක්කොටම කලින් අපි කවුද කියල කියල ඉන්නම් කො....

ආවා මෙතන අලගිය මුල ගිය දේවල් කතා කරන්න..

මට ඌ වත්,ඌට මාවත් හම්බුවෙන්නෙ අපේ ආදරනීය ඉස්කෝලෙදි.. 2005 දි විතර,ඊට පස්සෙ තමයි අපි හොඳ ගජයො වෙන්නෙ,ඉස්කෝලෙන් අස් වෙලත් යුතුකම් ඉටුකරන්න පාසලට බැඳිල හිටියා තව අවුරුද්දක්,ඒ වෙද්දි ඒ මිතුදම සහෝදර කමක් වෙලා...(මෙහෙම කිව්වට අපේ අනිත් උන් හෙම කේන්ති ගන්නව එහෙම නෙමෙයි ඕන්න.. අපි හැමෝම එහෙමයි හොඳේ...) ඉතින් ඒ කාලෙදි අපිට තේරෙනවා.. යකෝ මූත් කැමති මම වගේම පිස්සු කෙලින්න තමයි.. කන්නයි බොන්නයි.. ගමන් යන්නයි තමා එකෙන් ම කියල....
ඉතින් ඔය වගේ අම්බානකට සෑහෙන ගැලපීමක් තිබුන.. හැමදාම එක එකාට හොරෙන් කවුරුත් අපේ තෝසෙ කඩේට රිංගල තෝසෙ ගිලිද්දි,අනිවා අපි දෙන්නට අපි මාට්ටු වෙනව.. අන්න එදා තමයි හිතුවෙ එදා ඉඳල... කෑමක් බීමක් කනවනම්.. අලුතින් යමක් කමක් හොයාගනන්වා නම්.. අඩුම ගානෙ වලක් බහින්න හරි යනව නම්.. කියල තමා යන්නෙ...මොකද ඌ ගෙයි මගේයි අදහස් හරියට ලෙමනේඩ් බෝතලයක් ගානට පැහැදිලියි...
              ආයෙ දෙකක් නෑ.. දෙකක් නෙමේ දහයක් උනත් නෑ තමා...ඉතින් අදටත් මතුවටත් මේ මිතුදම එක වගේම තමයි.. ඊටත් වඩා දෙයියනේ කන බොන දේවල්,විනොදයට කරන දේවල්,යන එන තැන්, කොච්චරක් කියලද අෆ්ෆාෆා....
                ඉතින් උවියි මායි(ඩිව් වන මං තුමා )හිතුවා අපි හැමෝටම විදින්න පුලුවන් දේවල් හොයල බලල.. අත්විදල ඒවට මග පෙන්නල බ්ලොග් කෙරුවාවක් පටන් ගන්න..
හැමෝටම ප්‍රයෝජන්වත් වේවි කියල හිතනවා (ඔය පෙම් කොරන ඈයින්ටත් එහෙම වැදගත් වෙනව නම් අපිට සතුටක් ඒක) ඉතින් ආරාධනා කරනවා ඔබ හැමොටම.. එන්න විදින්න මේ ජීවිතය.. එකම තැනකට කොටු වෙලා ඉන්න එපා..

අපි එකසේම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැමෝගෙම
අදහස්.. යෝජනා.. චෝදනා... ගල්.. මුල්.. වටලප්පන්..
අයිස් ක්‍රීම්...මල්ටි බැරල්.. ක් රූස් මිසයිල..
වගේ නා නා විදීහේ අදහස්...ඒ දේවල් අපිට රුකුලක් වේවි..
ඉතින් හමූවෙමු නැවතත් අපේ හා හා පුරා කියල යන්න හදන පලමුවෙනි සංචාරයේදි..

5 comments: