Nov 14, 2011

සුපුරුදු බාර් එක ......

ඔන්න ඉතින් හා හා පුරා කියල මුලින්ම ලියන්නේ කොහෙද කියල හිත හිත ඉන්නකොට තමා මතක් උනේ මේ බ්ලොග් එක කරන්න අපේ ඔලු වලට මුලින්ම අදහස ආපු තැන ගැන ම ලියල පටන් ගන්න ඕනි කියලා. ඒ තමයි අපේ සුපුරුදු බාර් එක, බාර් එකට වෙලා ඉන්න කොට තමා අපි දෙන්නගේ ඔලුවට මේ අදහස ආවේ . හ්ම් කලින් කියන්න බැරි උනානේ මේක අර කොටු කොටු වැටෙන  බාර් එකක් නම් නෙමෙයි. ඒ කිව්වේ දෙපයින් ගිහිල්ල හතර ගාතේ එන තැනක් නෙමේ කියලා , ඩිව් සහ මම කකුල් දෙකෙන්ම ගිහිල්ල කකුල් දෙකෙන්න ම තමා එලියට එන්නේ   ... 
ඔහොම කියවන් යන්නකෝ ....  ඔන්න මුලින්නම මම කියන්නම් මේක තියෙන්නේ කොහෙද කියලා , මේක තියෙන්නේ බොරැල්ලෙ ඉඳලා කොටුව පැත්තට යද්දි මරදාන පාරයි ටවුන් හෝල් එකට යන පාරයි  සම්බන්ධ වෙන්නෙ මේ පාරෙන් තමයි,කොටින් ම කිව්වොත් බොරැල්ල හරස් පාරේ , ලේසියෙන්ම හොයාගන්න පුළුවන්,
ඔන්න පුලුවන් විදිහට තැන දැම්ම..
 මෙතැන යාලුවෝ තුන් හතර දෙනෙක්ට එකට කාලය ගත කරන්න හොදම තැනක්,අපේ සැට් එක නම් නිතරම වගේ ඔතැනට එක්කාසු වෙනව,කට්ටිය වැඩි ආදරේට කියන්නෙ J.B කියල... ඕං පටලෝ ගන්න එහෙම එපා මේ අර සින්දු කියන උන්දැ නෙමේ.. ඇයි එතකොට දෙන්න දෙන්න ඉන්න අය ඒ අයටත් කියාපු තැනක් .පැය කීපයක් ගත කරන්න කියාපු හොදම තැන, හදිසියකට තිබහක් හැදුනම හරි.. හිතවතෙක් හරි හිතවතියක් හරි මුණ ගැහුනම.. වැඩි ගානකුත් අතේ නැතිනම්.. ලඟ පාතකින් යනව නම්.. ගිහින් එන්න පුලුවන් බය නැතුව ඇරත් දැන් කාලෙ හැටියට හොදවයින් දෙකක් දාගන්නව කියන්නෙ.. හොදවයින් පහකට විතර තට්ටු වෙන වැඩක් නෙ,අනික හිතවතියක් හම්බුනාම ඉතින්.. බැහැ නෙව. 
මෙතනින්රුපියල් 100 - 150 ක් අතර ගානක් තමයි එක්කෙනෙක් ට තට්ටු වෙන්නෙ, කෝ මේකේ මොනවද තියෙන්නේ කියලා කිව්වේ නැනේ මේක ජුස් බාර් එකක් ඒ කිව්වේ පලතුරු බීම කඩයක්, ගාණත් සාදාරයි.වැඩි විස්තර බලාගන්නව නම් මේකෙන් පේයි ද මන්දා..
ඒ වෙලාවෙ හොඳ කැමරාවක් තිබුනෙ නෑ අතේ..  .ඒ වගේම මං හිතන්නෙ මෙතන ඩිලිවරි සර්විස් එකකුත් තියෙනව.. අපි නම් ඩිලිවර් කරන් නැහැ,ඒත් ඕන කරන අයට දැනගන්න එක්ක ටෙලිෆෝන් නම්බර් එකත් දාන්නම්..0115744448 .
ඔය මේ ඇපල් එක අපේ බුද්ධිකයා ගේ..
 ආහ් තවත් දෙයක් කියන්න බැරි උනා... ඉස්සර නම් තිබ්බෙ නැහැ පෙරේදත් මම ගියා නෙ.. ඔන්න කප් කේක් වගයකුත් තිබ්බා ඔන්න... මොකද ගොඩක් අය හිතන් ඉන්නේ මේ ලංකාවේ යන්න තියෙන නේ තැන කීපයක් කියලනේ,.තව ගොඩක් තැන් තියනවා යන්න ......අපිත් එක්ක ඉස්සරහට හිටියොත් ඒ අනෙක් තැන ගැනත් විස්තර අපි ගේන්නම් ඔ ගොල්ලන්ගේ බජට් එක ( ඒ කිව්වේ පොකට් එකේ ගාන ) සහ  අවශ්‍ය තාවය බලල යන තැන තෝරාගන්න පුළුවන් ඒ විස්තර ඔක්කොම අපෙන් හොයා ගන්න පුළුවන්..............
  
අපේ මේසෙ...
වෝටර් මෙලන් නොවැ...



එන්න අපිත් එක්ක ජීවිතය විදින්න .......... 


" කරන්න දේවල් ද නැත්තේ  "








5 comments: