ඔන්න ඉතින් හා හා පුරා කියල මුලින්ම ලියන්නේ කොහෙද කියල හිත හිත ඉන්නකොට තමා මතක් උනේ මේ බ්ලොග් එක කරන්න අපේ ඔලු වලට මුලින්ම අදහස ආපු තැන ගැන ම ලියල පටන් ගන්න ඕනි කියලා. ඒ තමයි අපේ සුපුරුදු බාර් එක, බාර් එකට වෙලා ඉන්න කොට තමා අපි දෙන්නගේ ඔලුවට මේ අදහස ආවේ . හ්ම් කලින් කියන්න බැරි උනානේ මේක අර කොටු කොටු වැටෙන බාර් එකක් නම් නෙමෙයි. ඒ කිව්වේ දෙපයින් ගිහිල්ල හතර ගාතේ එන තැනක් නෙමේ කියලා , ඩිව් සහ මම කකුල් දෙකෙන්ම ගිහිල්ල කකුල් දෙකෙන්න ම තමා එලියට එන්නේ ... ඔහොම කියවන් යන්නකෝ .... ඔන්න මුලින්නම මම කියන්නම් මේක තියෙන්නේ කොහෙද කියලා , මේක තියෙන්නේ බොරැල්ලෙ ඉඳලා කොටුව පැත්තට යද්දි මරදාන පාරයි ටවුන් හෝල් එකට යන පාරයි සම්බන්ධ වෙන්නෙ මේ පාරෙන් තමයි,කොටින් ම කිව්වොත් බොරැල්ල හරස් පාරේ , ලේසියෙන්ම හොයාගන්න පුළුවන්,
![]() |
| ඔන්න පුලුවන් විදිහට තැන දැම්ම.. |
මෙතනින්රුපියල් 100 - 150 ක් අතර ගානක් තමයි එක්කෙනෙක් ට තට්ටු වෙන්නෙ, කෝ මේකේ මොනවද තියෙන්නේ කියලා කිව්වේ නැනේ මේක ජුස් බාර් එකක් ඒ කිව්වේ පලතුරු බීම කඩයක්, ගාණත් සාදාරණයි.වැඩි විස්තර බලාගන්නව නම් මේකෙන් පේයි ද මන්දා..
ඒ වෙලාවෙ හොඳ කැමරාවක් තිබුනෙ නෑ අතේ.. .ඒ වගේම මං හිතන්නෙ මෙතන ඩිලිවරි සර්විස් එකකුත් තියෙනව.. අපි නම් ඩිලිවර් කරන් නැහැ,ඒත් ඕන කරන අයට දැනගන්න එක්ක ටෙලිෆෝන් නම්බර් එකත් දාන්නම්..0115744448 .
![]() |
| ඔය මේ ඇපල් එක අපේ බුද්ධිකයා ගේ.. |
![]() |
| අපේ මේසෙ... |
![]() |
| වෝටර් මෙලන් නොවැ... |
එන්න අපිත් එක්ක ජීවිතය විදින්න ..........
" කරන්න දේවල් ද නැත්තේ "





maxxa......
ReplyDeletepasta pasta...yanta oone balaaanta...
ReplyDeleteela ela apith danna kiyana thanak
ReplyDeleteනියමයි මචන්..ඔහොම යන්...
ReplyDeleteela ela..
ReplyDelete